Friday, February 18, 2011

වතසුදු මල් ගහ සහ රබර් ගස්

ගිය අවුරුද්දේ දෙසැම්බර් 10 වෙනිදා අපිට ලොකු නිවාඩුවක් ලැබුණා නොවැ.ඒ නිවාඩුවේ අන්තිම සතියේ මම ගෙදරමයි හිටියේ.හිටියෙත් හිතේ ටිකක් කලකිරීමෙන්.ඉතින් එලියට වෙලා කල්පනා කර කර ඉද්දි ටැන්කිය ළඟ තියෙන වතසුදු මල් ගහ දිහාවට ඉබේටම ඇස් දෙක ගියා.වතසුදු මල් ගහ හුගක් උස ගිහින්.මල් තියෙන්නෙ මීටර් දෙකක් විතර උඩින්,හදිස්සියකට වත් මලක් කඩාගන්න ඉනිමගක් තියන්න වෙනවා.ඒත් ඉස්සර නම් මල් ගහ තිබුනෙ මේ ටැකියෙ ගානට විතර.ඉස්සර හැමදාම අම්ම හවසට මල් කඩන්නෙත් මේ වතසුද්ද ගහෙන්.ඉස්සර අම්ම උදේට මිදුල අතුගාද්දි හැමදාම වතුරත් දානව.ඒත් දැන් අම්ම වතුර දාන්නෙත් නෑ  මම හිතන්නේ.ඒත් මල් ගහේ මල් වල නම් අඩුවක් නෑ.මොකද දැන් මල් ගහ වැඩුනු ගහක්නේ.මේ දිහා බලන් ඉඳපු මට ඉබේටම වගේ අපේ කැම්පස් එක මතක් වුනා.අපි දකින දෙයක් වඩා හොදින් විස්තර කරන්න උදාහරණ උපමා යොදා ගත්තත් මේ උපමා රූපකය දැක්කම මට ඉබේටම ඒකට 100%ක් අදාල අවස්ථාව හිතට අවා.ඒ තරම් මේ උපමා රූපකය සහ ඒ අවස්ථාව එකිනෙක ගැලපෙනවා.මෙච්චර වෙලා කියපු ඒ දේ තමයි අපේ කැම්පස් එකේ 1st semester එක ඇතුලත ගැහැනු ලමයින්ගේ හැසිරීමයි එතනින් පස්සේ හැසිරීමයි.එකින් එක ටිකක් කල්පනා කරන්නකෝ.එතකොට තේරේවි.

 වතසුද්ද ගහ ගැන නම් කිව්වා.ඒත් මොකක්ද මේ රබර් ගහේ කතාව කියලා කල්පනා කරනවා ඇතිනේ.මෙහෙමයි,ගෙදර ඉඳන් ආයෙම කැම්පස් බලා එන්න ආවෙ ඇඹිලිපිටියට ඇවිත් රත්නපුර පැත්තෙන්.ඒ එද්දිත් ඉතින් ජනෙල් කවුලුවෙන් ඉවත බලාගෙන පොඩි කල්පනාවක තමයි ආවේ.ඇහැ තිබුනේ රබර් ගස් මණ්ඩියක.එහෙම නැතිව කියනවනම් රබර් වත්තක.බොහොම ලස්සනට එක පේලියට රබර් ගස් හිටවලා තිබුනා.ළඟ තියෙන රබර් ගස් හුගක් ඉක්මනට නොපෙනී ගියා.ඒත් ඈත තියෙන රබර් ගස් ටික වෙලාවක් යනකම් හරි මගෙ නෙත් අද්දරට වෙලා හිටියා.බස් එක වේගෙන් යනකොට මේ වගේ දෙවල් සාමාන්‍ය දෙවල් තමයි.ඒත් මේ හිතේ තියෙන කලකිරීමත් එක්ක ඒ දේ සරලව දකින්න හිත කැමති උනේ නැහැ.ළඟ තියෙන රබර් ගස් හරියට හැමදාම මගේ ළඟින් ඉන්න අම්ම, තාත්ත, අක්ක,වගේම බොහොමත්ම සීමිත වුනු යාලුවෝ කිහිප දෙනෙක් වගේ.ළඟ තිබුනු රබර් ගස් කාටද සමානවෙන්නේ මම කියන්න යන්නේ නෑ.

මේ පුංචි කාලය තුලදි "වතසුද්ද ගස්" හුඟක් වගේම "ළඟ තිබුනු රබර් ගස්" හුඟකුත් අඳුර ගත්තා.ටිකක් කල්පනා කරන්න.අපිත් එක්ක ජීවත් වෙන චරිත අඳුරගන්න පුලුවන් වේවි.එතකොට අපිට ජීවත් වෙන්න ලේසියි.
එහෙම නේද ?

Saturday, December 4, 2010

මල්ලිලා නංගිලා වෙනුවෙන් ලියූ කවි . .

මල්ලියේ , නංගියේ ,
නේක වෙහෙසක් දරා දෙවසක්
ගෙන්වගත් මේ වසන්තේ . . .
නිව සරතැස නගා මදහස
විඳගනිමු සරසවි සුවේ . . .
සොය උගනින් අපේ නුවණින්
ගොඩනගමු මේ රට අපේ . . .
එලා පවඩ දයාබරයෙන්
පිලිගනිමු අපි ඔබ මෙසේ . . .

Friday, December 3, 2010

මගේ මුල්ම සටහන . . .

මෙන්න මෙහෙමයි . .
අද කැම්පස් ගියේ නැති නිසා ඔහේ බෝඩිමට වෙලා හිටියා.
වැස්ස නිසා තවත් කම්මැලියි.ඒ අතරේ තමයි මෙහෙම දෙයක්වත් කරන්න ඕනි කියලා ඔලුවට අවේ. . ඉස්සර නම් හුගක් කවි ලිව්වා. . ඉස්කෝලේ යන කලේ. .ඒත් දැන් දැන් එහෙම දෙයක් කරන්න වෙලාවක් උවමනාවක් නැති තරම්ම තමයි . .මේ ලගදි ලියපු නිසදැසක් මුලින්ම මගේ "කල්පනාව" තුල සටහන් කරන්නයි කල්පනා කලේ . .ඒ වගේම මගේ කවි දැකලා බ්ලොග් එකක් ලියන්න කියපු අයත් හිටියා . . ඒ අයටත් දැන් සංතෝස හිතෙයි නොවැ. .

හිනැහෙන්න මල්ලියේ . .
හිනැහෙන්න නංගියේ . .
වෙන කිසිත් නිසා නොව ,
දිනූ ලොව නිසාවෙන් . . .
එක්වෙන්න මල්ලියේ . .
එක්වෙන්න නංගියේ . .
දිනූ ඒ අපේ ලොව ,
ගොඩනගනු නියාවෙන් . . !

මේ ඇවිල්ලා අපේ ජුන්නන්ව පිලිගන්න ලියපු කවි වලින් එකක්. .

ŦĦAЯã 
RuwanTharanga M Dissanayake
University of Moratuwa
SriLanka